Breaking News

පළමු පෙළ ක්‍රිකට් වලදි ලකුණු 20,000ක් රැස්කළ සංගා ගත්තු තීරණය


අපේ රටෙන් බිහිවුන අග්‍රගනයේ ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර මේ වන විට එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කරමින් ඉන්නවා.
සංගා නියෝජනය කරන්නේ සරේ කණ්ඩායමයි.
මේ තරගාවලිය් අවසන් වෙන්නේ ලබන සැප්තැම්බර් මාසයේදි.
ඉන් පසුව තමන් පළමු පෙළ ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරලා කියලයි සංගක්කාර එංගලන්තයේදී ප්‍රකාශ කරලා තියෙන්නේ.
තමන් මේ වන විට වයස අවුරුදු 39යේ පසුවන බවත්, තවත් මාස කිහිපයකින් වයස 40ක් වන බැවින් පළමු පෙළ ක්‍රිකට් වලින් සමුගැනීමට මෙය කාලය බවට තීරණය කළ බවයි සංගා පවසන්නේ.
සංගක්කාර මේ වන විට රැස් කරගෙන ඇති පළමු පෙළ ලකුණු සංඛ්‍යාව 20,012ක්.
ඊට අමතරව සංගා ටෙස්ට් තරඟ 134කදී ශතක 38ක් සමඟ ලකුණු 12,400ක් රැස්කරගෙන සිටිනවා.
එක්දින තරඟ 404කදී සංගක්කාර ශතක 25ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 14,234ක්.
ජගත් ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සංගා කරපු මෙහෙවර වෙනුවෙන් කුමාර සංගක්කාරගේ ඡායාරූපයක් ලන්ඩයේ ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ පහුගිය දවසක නිරාවරණය කෙරුණා.

No comments