මුහුදු සිංහයෙක් දැරියක පැහැර ගනී
හැබැයි මේ මුහුදු සිංහයෙක්.
කැනඩාවේ වැන්කුවර් නගරය ආසන්නයේ යාත්‍රා අංගනයකදී තමයි මේ සිදුවීම සිදුවුණේ.
දියෙන් මතු වූ මුහුදු සිංහයා ක්ෂණයෙන් දැරිය ජලය වෙත රැගෙන යන ආකාරය අසල සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ පටිගත වීතිබුණා.
අනතුරින් දැරියට හානියක් සිදු වී නැහැ.
මුහුදු සිංහයන්ට ආහාර දීමෙන් වළකින ලෙස එම ස්ථානයේ අනතුරු ඇඟවීමේ පුවරුවක් සවි කර තිබියදීත් එය නොතකා දැරියගේ පවුලේ සාමාජිකයන් සතුන්ට ආහාර ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

No comments