කනේ වයර් කෑලි දෙක ගහගෙන සිංදු අහන අයට මෙන්න වැදගත් පණිවුඩයක්
කන්දෙකේ වයර් කෑලි දෙක එහෙමත් නැත්නම් Earphones එක ගහගෙන නිතරම සිංදු අහන එහෙමත් නැත්නම් වීඩියෝස් බලන අයට වැදගත් වෙයි කියලා හිතලයි අපි මේ දේ කියන්න හිතුවේ.
සමහර විට මේ කියන්න යන දේ ඔයාලා දැනටමත් දන්නවා ඇති හැමවෙලාවෙම Earphones ගහගෙන සිංදු අහන එක හොද නැති දෙයක් කියලා.
ඒත් ඒ ඇයි කියන දේ සමහර විට සමහරුන් දන්නේ නැතිව ඇති.
අන්න ඒ ගැන පැහැදිලි කරලා ඔයාලට වැදගත් පණිවුඩයක් දෙන්න තමයි අපි මේ දේ කියන්න හිතුවේ.
මේ ගැන කියන්න අපි උපුටා ගත්තේ මුහුණු පොතේ Science Insider යන පිටුවයි.
ඔවුන් පෙන්වා දුන්නේ Earphones නිතරම භාවිතා කිරීමින් අධික ශබ්දය භාවිතා කිරීම තුළින් සදහටම කන් නොඇසීමට ඉඩ කඩ තිබෙන බවයි.
ඒකට හේතුව කනේ තිබෙන Cells විනාශවීමයි.
මේ නිසා ශබ්දය අඩුවෙන් ඇසීමට පුරුද වෙන්න කියලය එයාලා පෙන්වා දෙන්නේ.
ඒ වගේ Earphones කන ඇතුළට එබිමී සහ නැවත එළියට ගැනීම නිතරම කිරීම මගින් කන ඇතුලේ ඉක්මනින් කලාදුරු ප්‍රමාණය වැඩිවෙනවා.
ඒ නිසා අවසානයේ කන් නොඇසීමට ඉඩ කඩ තියෙනවා.
මේ ගැන වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් බලන්න….

No comments